වෝරා සිටි කැම්පස් අප,

2019 වසරේ දී මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදී. අප ආරම්භ වුයේ තාක්ෂණික අධ්‍යාපනය සඳහා වෙන් වූ ආයතනයක් ලෙස වුවත් මේ වන විට අනෙකුත් විෂයපථයන් තුලත් කටයුතු කිරීමට අප සුදානම් වෙමින් පවතියි. ලාංකේය අධ්‍යාපනය තුල නව මංපෙත් සොයා යමින් ලාංකේය සිසු ප්‍රජාවගේ අධ්‍යාපන අයිතීන් සුරැකීම සඳහා කටයුතු කරන ආයතනයක් ලෙස අපව හඳුනාගත හැක. එයට හොඳම උදාහරණයක් ලෙස "වැස්ස" නමැති නව අධ්‍යාපන සංකල්පය හඳුනාගත හැක. අප නිතරම උත්සහ දරනුයේ නව සංකල්පමය අධ්‍යාපන රටාවන් ලොවට හඳුන්වාදීමට හා ඒ තුලින් අපේ දරුවන්ට නව දොරටු විවර කරදීමටයි.

work

අපගේ දැක්ම.

ලාංකේය දු පුතුන් වෙනුවෙන් හැකි උපරිමයෙන් කැපවෙමින් නව මානයන් වෙත ඔවුන්ට මඟ පෙන්වමින් සෙවන සලසන මහා වෘක්ෂයක් වීමයි. අප තවත් අධ්‍යාපනික ආයතනයක් නොවේ.

අපගේ මෙහෙවර.

මුදල් මත පදනම්ව අධ්‍යාපනය නමැති උතුම් ධනය හැල්ලු නොකර නිවැරදි හා හරවත් අධ්‍යාපනයක් සාදාරන හා දැරිය හැකි මුදලකට සිසුනට ලබාදෙමින් අප ලක් මාතාවගේ දරුවන්ට ශක්තියක් වීම අපගේ මෙහෙවරයි.

පොඩ්ඩෝ වැඩ්ඩො කරන "වැස්ස" අධ්‍යාපන සංකල්පය.!

2020/03/02 දින පැවැත්වූ හඳුන්වාදීමේ Online සම්මන්ත්‍රණය පහතින් නරඹන්න.


වැඩි දුර තොරතුරු හා ලියාපදිංචිය සඳහා.

"වැස්ස" සංකල්පය ප්‍රථමවරට 2020/03/02 දින එළිදැක්විණි.

මෙම සංකල්පය හරහා 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හදාරන දරුවන් අපොස.සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදී ආසන වන විටම ඔවුන් උපාධිධාරීන් බවට පත්කිරීමේ හැකියාවක් ඇත. මේ තුලින් දෙමාපියන්ට හා දරුවන්ට බොහෝ වාසි අත්වේ.

  • දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වීම.
  • ක්‍රියාශීලි හා නිර්මාණාත්මක දරුවකු නිර්මාණය වීම.
  • තම පාසල් අධ්‍යාපනය සමඟම උසස් අධ්‍යාපනික කටයුතු සිදු කිරීම හේතුවෙන් උසස් අධ්‍යාපනයට වෙනත් කාලයක් වෙන් කිරීමට අවශ්‍ය නොවීම.
  • වයස 16 පමණ වන විට තම දරුවා උපාධිධාරී දරුවෙකු වීම.
  • පාසල් අධ්‍යාපනික කටයුතු ශක්තිමත් වන ක්‍රමවේදයක් මේ තුල තිබීම.
  • ඔබ දරුවා රැකියා නොමැතිව දුක් විදිනා දරුවෙකු නොවීම.

අප සතුව ඉතා උසස් සුදුසුකම් සහිත කාර්යමණ්ඩලයක් සිටීම අප මෙන් ම අපගේ සිසු සිසුවියන් ලැබූ භාග්‍යකි..

ඉදිරියේදී ආරම්භ වීමට නියමිත ඩිප්ලෝමා පාඨමාලාවන්.

අපත් සමඟ අත්වැල් බැඳ ගන්නා සෑම විද්‍යාර්ථයෙකුගේම අනාගත අධ්‍යාපනික සුභ සිහින සැබෑ කරවීමට අප ඇප කැප වී සිටින්නෙමු.

මෙම පාඨමාලාවන් කවුරුන් සඳහා ද?

විශ්ව විද්‍යාල සිසුන්, උසස් පෙළ අවසන්කළ සිසුන්, පරිපාලන නිලධාරීන්, විධායක නිලධාරින්, කළමනාකරුවන් හා ව්‍යවසායකයින්, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් සඳහා මෙම පාඨමාලාවන් විශේෂයෙන් සකසා ඇත.

මෙම පාඨමාලාවන් සම්පුර්ණ කිරීමෙන් පසු ?

පාඨමාලාවන් අවසානයේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහලම පිළිගැනීමක් සහිත සහතික පත්‍රයක් හිමි වීම.
පාඨමාලාවන් සාර්ථකව නිමකරන සිසුන් සදහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුල ඩිප්ලෝමා ප්‍රදානොත්සවය මගින් ඩිප්ලෝමා සහතික ප්‍රදානය කිරීම.
පාඨමාලාවන් අවසන් කිරීමෙන් පසු UGC පිලිගත් උපාධියක් හැදෑරීමට සෘජු සුදුසුකම් හිමි වීම සහ මෙම ඩිප්ලෝමාව හැදෑරු බැවින් උපාධියේ පළමු වසර නිදහස් වීම.

පාඨමාලාවන් පිලිබඳ කෙටියෙන්.

මාධ්‍ය - සිංහල මාධ්‍ය
දේශන ක්‍රමය - ZOOM මගින්
පාඨමාලා කාලය - වසරකි (කඩිනම් ලෙස මාස 06 කින් අවසන් කෙරේ)
සහතිකය - පූර්ණ රජය මගින් පිරිනමන වටිනා සහතික පත්‍රයක් හිමිවේ.

විධිමත් ලෙස Zoom හරහා ඉගැන්වීම් සිදුකරන මෙම ඩිප්ලෝමා පාඨමාලාවන් හී zoom රෙකෝඩින් පසුදිනම STUDENT PORTAL එක හරහා ලබා දෙන බැවින් ඕනෑම දවසක ඕනෑම වේලාවක දේශන සදහා සම්බන්ධ වී කැමති වාර ගණනක් රෙකෝඩින් නැරඹීමට හැකියාව ඇත.

එක්වන්න අපත් සමඟ, අප ඔබේ අනාගතය තනන්නෙමු..!

අපත් සමඟ අත්වැල් බැඳ ගන්නා සෑම විද්‍යාර්ථයෙකුගේම අනාගත අධ්‍යාපනික සුභ සිහින සැබෑ කරවීමට අප ඇප කැප වී සිටින්නෙමු.